කාලිංගට තහනම් උත්තේජක දැල එළයි

මලල ක‍්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක ගත් බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගාරයක සිදුකරන ලද පරීක්‍ෂණයකින් තහවුරු වී තිබේ. ඒ අනූව ඔහුට තරග තහනමක් මේ වන විට පනවා ඇති අතර අදාළ තහනම සම්බන්ධයෙන් පරීක්ෂනයක්ද මේ වන විට ක‍්‍රියාත්මක වේ.
කාලිංග කුමාරගේ මුත‍්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටොරයිඞ්’ සංඝටක ඇතුළත් බවට අදාළ පරීක්‍ෂණයේදී නිගමන්‍ය වී ඇති අතර ඒ ම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. අදාළ චෝදනාවට වරදකරු වන පුද්ගලයන්ට වසර කිහිපයක සිර දඩුවමකට යටත් වීමට හැකි පරිදි මේ වන විට ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් නීති සංශෝධනය කර තිබේ.
යම් හෙයකින් මෙම සිදුවිමට අනුබල දුන් පුද්ගලයාට සහ කාලිංග හිතාමතාම මෙම තහනම් උත්තේජක ගත් බවට වාර්තා වුවහොත් වසර දෙකක සිරදඩුවමක් සහ රුපියල් ලක්‍ෂ 5-10 අතර දඩ මුදලකටද යටත්වීමට ඔවුන්ට සිදුවනු ඇත. මෙවැනි ජාතික මට්ටමේ සියලූම ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක භාවිතාව පිළිබඳව දැනුවත් කර තිබියදී මෙවැනි වරදක් සිදුකිරීම බොහෝ දුරට සැලසුම් කරමින් සිදුකර ඇති බවට තතු දත් උදවිය පවසයි.