ක්‍රිකට් නිලවරණයට ත්‍රිපුද්ගල අභියාචනා උපදේශක මණ්ඩලයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ උපදේශක මණ්ඩලයක් පත්කර තිබේ. එම කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙදෙනෙකු සහ විශ්‍රාමලත් අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුගෙන්ද සමන්විත වේ.
අදාළ අභියාචනා උපදේශක කමිටුවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා පත්කර තිබේ. සෙසු සාමාජිකයන් වශයෙන් විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ විශ්‍රාමික රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා කටයුතු කරනු ලබයි.