බොක්සිං ශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර  කරමින් පවත්වන ලද 35 වන සමස්ත ලංකා පාසල්  බොක්සිං   තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ .

 ජයග්‍රහි ශාන්ත සිල්වෙස්තර විදුහල ට “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා  අභියෝග කුසලාන” ට අමතරව “ස්ටබ්ස්” ශූරතා කුසලානය ද හිමි විය .නොකඩවා දෙවන වසරට ද  සමස්ත ශූරතාවය දිනා ගැනීම සඳහා ගිය ගමනේදී  ශාන්ත සිල්වෙස්තර විදුහලට රන් පදක්කම් 04 ක්  සහ ලෝකඩ පදක්කම් 03 ක් හිමි විය .
මෙවර තරගාවලියේ අනු ශූරතාව කොළඹ රාජකීය විදුහල සතු වූ අතර ඔවුන් රන් පදක්කම් 03 ක් සහ රිදී පදක්කම් 0 3ක් දිනා ගැනීමට සමත් වූහ .
රන් පදක්කම් 02 ක් රිදී පදක්කම් 03  ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් බැගින් දිනා ගත් පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මධ්‍ය මහා විද්‍යාලයට තෙවන ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදුවිය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ  එච් එම් කේ සි ඒකනායක සම්මාන ලැබූ අතර ගල්කිස්ස සාන්ත තෝමස්   විදුහල නියෝජනය  කළ පි. වී. එස්. හිමන්ජිත් දක්ෂතම පරාජිතයා ලෙස නම් කෙරුණි.