23 දෙනෙකුට හතුරුසිංහ දේශීය තරග තහනම් කරයි

Thisara Perera captain of Sri Lanka celebrates wicket of Lokesh Rahul of India during the first International T20 match (T20i) held at the the Barabati Stadium, Cuttack between India and Sri Lanka on the 20th December 2017Photo by Prashant Bhoot / BCCI / Sportzpics

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 23 දෙනෙකුට දේශීය තරගවලට සහභාගිවීමෙන් වැලකී සිටින ලෙස ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ දන්වා තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාද කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ද දැනුවත් කර තිබේ.
ජනවාරි මාසයේදී බංග්ලාදේශය සමග එක්දින තරගාවලිය ආරම්භ වන අතර නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගේ පුහුණුවීම් ලබන 28 වැනිදා ආරම්භ වේ.
දේශීය තරග තහනම් කළ වූ ක්‍රීඩකයන්
තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩ්‍රසි, අමිල අපොන්සු, ලක‍ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා

Sri Lanka’s newly appointed cricket head coach Chandika Hathurusingha speaks during a media briefing in Colombo, Sri Lanka, Wednesday, Dec. 20, 2017. (AP Photo/Eranga Jayawardena)