සත්‍ය ජයගනියි – අයි.සී.සී.ය චෝදනාවලින් අවිශ්කව නිදහස්

 

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විරෝධී ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහු අදාළ චෝදනාවලින් නිදහස් බවට ඊයේ (10 දා) තීරණය කළේය. ඒ අනූව යළිත් සුපුරුදු පරිදි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ වීමට අවිශ්ක ගුණවර්ධනට අවසරය ලැබී තිබේ.
වසර තුනකට ආසන්න කාලයක් පුරා සිදුකළ පරීක්ෂණ අවසානයේදී අවසන් තීන්දුව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ගෙන තිබේ. අයි.සී.සී.ය වෙනුවෙන් අදාළ විනිසුරුවන් නවසීලන්තය, එංගලන්තය සහ බංග්ලාදේශ යන රටවලින් සහභාගි වී ඇත. එමිරේට්ස් ක‍්‍රිකට් ආයතනයේ දුෂණ විරෝධී නීති සංග‍්‍රය යටතේ අවිශ්කට එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබුණි.
2017 වසරේදී ඩුබායි යී පැවැති ටී. 10 තරගාවලියක් අතරතුරදී තරග පාවාදීමට සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට අවිශ්ක ඇතුළු හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබුණි. එහිදී නුවන් සොයිසාට වසර හයක තරග තහනමක් සහ දිල්හාර ලොකුහෙට්ටිගේටද අයි.සී.සී.ය වැට බඳිද්දී කිසිදු පදනමක් නැතිව වසර තුනකට ආසන්න කාලයක් පුරා ක‍්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි අවිශ්ක ගුණවර්ධනට ජාත්‍යන්තර පරීක්ෂණයකින් පසුව සාධාරණය ඉටුවිය.
අදාළ ටි. 10 තරගාවලියේදී තරග පාවාදීමට සම්බන්ධ කතාවක් සිදුවන ස්ථානයක අවිශ්ක ගුණවර්ධණ සිටි බවට එම තරගාවලිය නියෝජනය කළ රමිත රඹුක්වැල්ල විසින් අයි.සී.සී. ¥ෂණ විරෝධී ඒකකයට පැමිණිලි කර තිබුණි. නමුත් එම කතිකාව වන ස්ථානයේ අසලකවත් අවිශ්ක සිට නැති බවත් ඔහු එම අවස්ථාවේ වෙනත් ස්ථානය සිටි බවත් අදාළ පරීක්ෂණ අතරතුර හෙළිවී ඇත. එම චෝදනාව කළ රමිත රඹුක්වැල්ලද සිය සාක්කි විමසීමේදී එම සිද්ධිය හරියාකාරව පවසා ඇතැයි තතු දත් උදවිය මාර්ගයෙන් ‘දිවයින’ කළ විමසීමකදී අනාවරණය විය.
අවිශ්ක ගුණවර්ධන අදාළ තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් සහභාගි විය. නමුත් එම තරගාවලිය පෞද්ගලික තරගාවලියක් බවට ‘දිවයින’ විසින් කිහිප වරක්ම වාර්තා කළද අවිශ්ක වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු නොකිරීමද කණගාටුවට කරුණකි. කුසල් පෙරේරාට මීට වසර හතරකට පෙර තහනම් උත්තේජන චෝදනාව යටතේ වසර පහක තහනමක් ලැබුවද ඒ වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයට ගොස් කුසල් පෙරේරාව බේරා ගත්තේය. ඔහු වත්මන් ශ‍්‍රී ලංකා එක්දින නායකයා වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එලෙස ඉදිරිපත් වූ බැවිනි. නමුත් අවිශ්ක ගුණවර්ධනට වෙනත් හැන්දකින් එම ක‍්‍රිකට් ආයතනය සැලකීම වෙනුවෙන් අපරාජිත ගමනකට නියැලී සිටි පුහුණුකරුවකුගේ සේවය මෙරටට වසර තුනකට ආසන්න කාලයක් නැතිවිය.
අයි.සී.සී. දුෂණ විරෝධී නීති සංග‍්‍රහයයේ 2.4.5 වගන්තිය අනූව තොරතුරු නිදි වේලාවට අනාවරණය කිරීමට අපොහොසත් වීම 2.1.4 වගන්තියේ 2.1 යටතේ තරග පාවාදීමට සෘජුව හෝ වක‍්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, දිරිගැන්වීම හා හිතාමතා පහසුකම් සැපයීම යටතේ අවිශ්කට චෝදනා ගොනුවී තිබුණි. එම සියලූ චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව තමාට සිදුවූ කීර්තනාමය වෙනුවෙන් අවිශ්ක ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට නියමිත බව විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ. අවිශ්ක වෙනුවෙන් එංගලන්ත නීතිඥයකු පෙනී සිට තිබේ.
(අවි*