හරීන් ගෙන් ගමට මිලියන 35 ක බැඩ්මින්ටන් පිටියක්

බැඩ්මින්ටන් ක්‍රීඩාව හරහා ජ්‍යාත්‍යන්තර තරණය කළ හැකි ක්‍රීඩකයින් බිහි කිරීමේ අරමුණ අතැතිව, ඌව පළාත තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ පළමු කාර්ය ලෙස සියළු පහසුකම් වලින් යුත් රුපියල් 34,000,000 වියදමකින් යුත් ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක් සඳහා මුල් ගල තැබීම සුභ මොහොතින් ඊයේ (23) බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ , විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා අතින් මුල් ගල තැබුවාය.

ඌව පළාත් බැඩ්මින්ටන් සංගමයේ ඉල්ලීම මත මෙම සියළු පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබාදෙන බව සඳහන්. 

මේ අවස්ථාවට මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක , බදුල්ල නගර සභවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි යන මහත්වරු සහ නගරසභා මන්ත්‍රීන් පිරිසක්ද එක්ව සිටියා.

 

සටහන : නුවන් ජයතිස්ස