ඕනෑම සටනකට අපි ලෑස්තියි – මිකී ආතර්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. පල්ලකැලේ පැවැත්වෙන දෙවැනි පුහුණු සැසිය අවසානයේ හෙතෙම මේ අදහස් පළ කර සිටියේය.
‘‘ අපි පළමුව අවධානය යොමු කළේ කී‍්‍රඩයන්ගේ ශරීර සෞඛ්‍ය සහ යෝග්‍යතාව කෙරෙහි. ඔවුන් මේ ව විට ඉතාමත් හොඳ යෝග්‍යතාවයක් පවත්වා ගනිමින් පුහුණුවීම් කරනවා. ඒක මට ලොකු සතුටක්. අපේ කණ්ඩායමේ විවිධ දක්ෂතා තියෙන ක‍්‍රීඩකයන් ඉන්නවා. වමත් දඟ පන්දු යවන්නන්. ඒ වගේම පන්දු සංකලනයක් තියෙන පන්දු යවන්නන්. ඒ නිසා ඕනෑම ප‍්‍රතිවාදියකුට එරෙහිව ක‍්‍රීඩා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තමයි මේක.’’
සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේදී මෙතෙක් දියත් කළ පුහුණුවත් සමග ලබන ජූලි මාසයේ සිට සිය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට සුදුසු මට්ටමක සිටින බව ශ‍්‍රී ලංකා පුහුණුකරුවා විශ්වාස කරයි.
‘ මේ කළ පුහුණුවීම් අනූව ලබන ජුලි මාසයේ ඉදලා ඕනෑම ආකෘතියක ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ක‍්‍රීඩා කිරීමට කණ්ඩායම දැන් ලෑස්තියි. ජුලි මාසයෙන් පස්සෙ විස්සයි විස්ස ලෝක කුසලා සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවා. මොකද තවමත් ලෝක කුසලාන ගැන ස්ථිර අදහසක් නැති නිසා. නමුත් දැන් අපි ඕනෑම ජාත්‍යන්තර තරගයකට සූදානම්.’’
පුහුණුකරු මිකී ආතර් සෑම දිනකම පුහුණුව ආරම්භ වීමට පෙර සියලූම ක‍්‍රීඩකයන් එක් රැුස් කරමින් අවවාද අනුසාසන කරන අතර අනතුරුව සිය පුහුණුව කරගෙන යනු ලබයි. කොරෝනා කාලයේදීද ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහ වට්ස්අප් ඔස්සේ ක‍්‍රීඩකයන් සමග සාකච්ඡුා කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාදීමට කටයුතු කළද කණ්ඩායමක් වශයෙන් සියලූ දෙනාම එක් රැුස් කරමින් කරන පළමු පුහුණු වශයෙන් පල්ලකැලේදී දැන් ක‍්‍රියාත්මක වන පුහුණු සැසිය හැඳින්විය හැක.
මේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ කරගෙන ආ පුහුණුව දිගටම කරගෙන යන බවත් මාස තුනකට පසුව 100% ක් හිටපු තැනකට පැමිණීමට නම් පුහුණුව දිගටම කරගෙන යා යුතු බවයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම දින දහයක නේවාසික පුහුණුවක් පල්ලකැලේදී පසුගිය සඳුදා සිට ආරම්භ කළේය. ඒ සඳහා ලසිත් මාලිංග හැර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක‍්‍රීඩා කරන සියලූම ක‍්‍රීඩකයන් සහභාගි වූහ.