බැඩ්මින්ටන් ලෝක තහනමෙන් ශ්‍රී ලංකාව ගැලවෙයි

පසුගිය සැප්තැම්බර් 23 සිට ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් දන්වා ඇත. මෙම තහනම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සමන් බණ්ඩාර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමිත් ධර්මවර්ධන සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිශාන්ත ජයසිංහ යන මහත්වරුන් පසුගියදා ඩුබායි හිදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ සභාපති පොල් එරික් සහ ලේකම් තෝමස් ලවුන්ඩ් යන මහත්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. එම සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇත.

ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වනදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබූණි. එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.

ඩුබායිදී පැවැති සාකච්ඡාවලදි මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබිණි.

මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේල නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත් එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ ක්ලැරන්ස් ‘ මංගල ගමගේ රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම්කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.

ඡායාරූප
වමේ සිට නිෂාන්ත ජයසිංහ – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයල තෝමස් ලවුන්ඩ් – ලේකම්ලලෝක බැඩ්මින්ටන් සංගමයල පෝල් එරික් – සභාපතිල ලෝක බැඩ්මින්ටන් සංගමයල නීතිඥ දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යල සුමිත් ධර්මවර්ධන – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ල සමන් බණ්ඩාර – අධ්‍යක්ෂක ජනරාල්ල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යන මහත්වරුන්